අද මට ඉමායා කෝල් කළා නේ...
ආහ් ඉතිං......
එයාට ආරංචි වෙලා මට සනීප නෑ කියලා....
ආ එහෙමද... ඉතිං කොහොමද ආරංචි වෙලා තියෙන්නේ......
අර මගේ යාලුවා නවෝද් කියල නේ.. මම ඌට කිව්වා කාටවත් කියන්න එපා කියල...
හ්ම්... ඉතින් ඉමායා මොකද කිව්වේ...
මාව බලන්න එනවා කිව්වා..
ආහ්හ්..... ඉතින්..
මම කිව්වා එන්ට එපා කියලා....
හ්ම්ම්ම්.....
පැයක් විතර කතා කරා ඉතිං...
හ්ම්ම්ම්.....
චමිත් එකපාරටම ඉමායා ගැන කියද්දී මොනව කියන්නද කියල මට හිතා ගන්න බැරි උනා. ඉමායා මයුරි ආරියතිලක කියන්නේ චමිත් ගේ කලින් ගර්ල් ෆ්රෙන්ඩ්. චමිත් මට ඉමායා ගැන වැඩි විස්තරයක් කියලා නෑ. පරණ දේවල් වැඩක් නැති නිසා මම අහන්න ගියෙත් නැ. හැබැයි ඒ දෙන්නා අවුරුදු 6 ක් යාලු වෙලා හිටියා කියල නම් දනනවා. ඒ කියන්නේ ඕ ලෙවල් කරන කාලේදී තමයි යාලු වෙලා තියෙන්නේ.. ඉමයා ගේ ගෙදරින් අකමැති උන නිසා ඒ දෙන්නට වෙන් වෙන්න වෙලා.. හරිම පවු...
ඉමයා දැන් එන්ගේජ් වෙලා නේ ඉන්නේ... මේ අවුරුද්දේ බදිනවා කියලාත් චමිත් කිව්වානේ. ඉතින් මොකටද මම බය වෙන්නේ.. නිකන් කෝල් කරලා බලන්න ඇති අසනීප නිසා... හ්ම්ම්ම්... මොනවා උනත් අවුරුදු 6ක් නේ... මම මටම කියා ගත්තා..
නවෝද් තමයි මගේ හැමදේම දන්න හොදම යාලුවා කියල චමිත් මට කීප වතාවක්ම කියල තියනවා.. එයයි ඉමායයි හොද යාළුවො වෙන්න ඇති එහෙනම්..
චමිත් ගේ ලෙඩේ ගොඩක් බරපතලයි වගේ කියල තමයි කිව්ව විස්තර වල හැටියට මට හිතුනේ. කොන්දේ අමාරුවක් උනාට ඇවිදින්නත් අමාරුයි ලු. බේත් ගන්න ඉස්පිරිතාලෙට ගියෙත් රෝද පුටුවේලු. කකුල් හිරි වැටිලා ඇවිදින්න බෑ ලු.. මොකක්ද ඔය ලෙඩේ කියල මම දෙතුන් පාරක් ඇහුව... එත් කිව්වෙ නෑ.. හැමදේම එපා වෙලා ඉන්නේ කියලා වෙනදා තරම් මට කෝල් / මැසේජ් කලෙත් නැ.. හැබැයි කතා නොකර හිටියෙත් නෑ. එත් එයාගේ ලෙඩේ ගැන යාලුවෝ කාටවත් කියන්නත් එපා කිව්වා.
දැනට දවස් දෙක තුනකට කලින් මමත් චමිත්ගෙන් ඇහුව එන්නද බලන්න කියල.. එපා එපා කියල තමයි මට කිව්වෙත්..
ඕක තමයි කියන්නේ දුර පළාත් වල කොල්ලෝ එක්ක යාලු වෙන්න එපා කියලා.. එහෙම කිව්වේ මගේ හොදම යාලුවා මලිති.. කොලඔ නම් අපිට මොකක් හරි කරන්න තිබ්බා...
ඉතින් එක දවසෙන් නුවර ගිහින් එන්න බැරිද අපිට.. අචිනි අක්කලාගේ ගෙදර යනවා කියල යමු... හොද වෙලාවට එයා නුවර ඉන්නේ.... නැත්නම් මොනවා කියන්නද අම්මලට....
එහෙනම් කෝච්චියේ ගිහින් එමු...
හ්ම්ම් බලමුකෝ... මේ ප්රොජෙක්ට් වැඩත් තියනවා නේ...
සෙමෙස්ටේර් එක ඉවර වෙන්නත් කලින් අසනීප වෙලා ගෙදර ගිය චමිත් නිවාඩුව ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් තාම අසනීපෙන්... මාස ගානක් යයි ඕක සනීප වෙන්න...
එදා නිකමට මලිතියි මමයි නුවර යන්න හිතුවේ චමිත් බලලා එන්න....

No comments:
Post a Comment