Thursday, June 6, 2013

ආයුබෝවන්

ආයුබෝවන්! මගේ බ්ලොග්අඩවියට සාදරයෙන් පිලිගන්නවා.... 

මට ජිවිතේ මුහුණ දෙන්න සිද්ද උන ටිකක් අමුතු විදියේ අත්දැකීමක් හැමදෙනෙක් එක්කම බෙදාගන්න හිතුවේ හේතු කීපයක් නිසයි.

මගේ හිතේ තිබුන ප්‍රශ්න ගොඩක්.. ඇත්ත, බොරු මොකක්ද කියල ටිකෙන් ටික හොයා ගෙන ඒ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගනිද්දී මට හිතුන මේ කතාව ලිව්වොත් කාට හරි වැඩක් වෙයි කියලා. මේක කියවලා එක්කෙනෙක් හරි මම වැටුන වලේ වැටෙන්නේ නැතුව බේරෙයි කියල මම හිතනවා.

පොඩි කාලේ ෂර්ලොක් හෝම්ස් කතා කියෙව්ව් නිසා ද කොහෙද මට මේ කතාවෙ අවසානයක් දකිනකම් හොයන්න හිතුනේ. ජොලියට වගේ හොයාගන ගියා. අන්තිමට ඇත්ත උනේ කවුරුත් හිතුවේ නැති දෙයක්.  දැන් තමයි තේරෙන්නේ කරපු මෝඩකම්..

මගේ කතාව තවත් සම්ප්‍රදායික ආදර කතාවක් නම් නෙමෙයි. ඒත් ආදර කතාවක් නෙමයි කියන්නත් බෑ ඉතින්.. මමත් ඇතුළු චරිත කීපයක් වටේ දිග ඇරෙන මේ කතාව කියවන ඔයාලට කම්මැලි හිතෙන්නේ නැතිවෙන විදියකට ලියන්න පුළුවන් තරම් උත්සහ කරන්නම්. මම බ්ලොග්කරණයට අලුත්. වැරදි තියනවා නම් කරුණාකරලා කියන්න. සතුටින් භාර ගන්නවා.

මේ කතාවේ නම් ගම් හැම දෙයක්ම මනකල්පිතයි උනත් කතාව නම් ඇත්ත. එත් කාටවත් මඩ ගහන්න බලාපොරොත්තුවක් නම් නෑ.

දිගටම රැදී ඉන්න. ඉඩ ලැබෙන විදියට කතාවේ පළමු කොටස ළඟදීම ලියන්න බලාපොරොත්තු වෙනවා.

2 comments: