Thursday, August 15, 2013

එයාට ඔය පල දුන්නේ ඔයාට කරපු දේ අනූ (15 කොටස )

"මේ... අර නවෝද් මගේ ෆේක් එක accept කරලා.... "
"අහ්හ් ඉතිං...."
"එයාගේ sister අර ඉමායා....."
"මොන ඉමායා ද.... ??"
"ෆේක් ඉමායා.... මේ බලන්න.......... "

"එතකොට අර නුවර ඉන්න අනිත් ඇත්ත ඉමායා ගේ profile එක නවෝද් ගේ යාලුවෙක් වත් නෙමෙයි..... ?"
"නෑ.... හැබැයි දෙන්න හොද යාලුවෝ කියල තමයි චමිත් කිව්වේ...."

"හ්ම්ම්... වෙන මොනවද තිබ්බේ..."

"ලොකු දෙයක් නෑ....  එයාගේ photo දෙක තුනක් තිබ්බා...."
"අහ්හ් එහෙනම් ඇත්තටම නවෝද් කෙනෙක් ඉන්නවා..... "

හ්ම්ම් ඔව් දැන් ෂුවර් ඇත්තටම නවෝද් කෙනෙක් ඉන්නවා.....  ඉමායා කෙනෙකුත් ඉනන්වා... එත් එයාට profile දෙකක් තියනවා... එකක් නවෝද් ගේ sister... අනිත් එකේ ෆ්රෙන්ඩ් වත් නෙමෙයි...

"ඉතිං ඉමායට බැරි කමක් නෑ නේ ඇත්ත එකේ නවෝද් ව තියා ගන්න... එයාගේ brother නම් නවෝද්..."
"ඔව් දෙන්නත් එක්ක බලන්නත් ගියා නම් චමිත් ව...."

අනේ මන්ද හතර බීරි කතාවක් වගේ නේ.... ඉමායල දෙන්නත් මගේ රික්වෙස්ට් accept කලොත් බලමුකෝ... තාම මොකුත් හිතාගන්න බැරි ප්‍රහේලිකාවක් වගේ....


                                                                               ***

Sunday, August 4, 2013

මේවා හිතන්න ගියොත් පිස්සු හැදෙනවා..... (14 කොටස)

"මුතූ මාව accept කරලා නේ..... "
"කවුද අනේ මුතූ..... මේ චමිත් ට කෙල්ලෝ කියක් ඉන්නවද..."
"මුතූ තමයි ආදරය නොකියා ආදරය කරන එක්කෙනා...."
"අහ්හ් එයාද.... "
"ඔව් ඔව්... එයාට කොල්ලෙක් ඉන්නවා.... එක ගෙදරින් දන්න එකක් වගේ....."
"එකනේ මම ඔයාට කිව්වේ චමිත් එයත් එක්ක යාලුයි වෙන්න බෑ...."
"හැබැයි කොල්ලයි එයයි හොදින් නෙමෙයි වගේ ඉන්නේ..."
"ඒ කියන්නේ...."
"I hate this love වගේ ඒවා දාලා තියනවා... "
"ඕවා ඉතින් හැමෝම රණ්ඩු උනාම දානවා නේ... අපිට එහෙම කියන්න බෑ... කොහොමත් චමිත් මෙයත් එක්ක යාලුයි වෙන්න නම් බෑ..."

ඔව් ඉතිං මලිති කියන දේ හරි තමයි...  කොල්ලෙක් ඉන්න කෙනෙක් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නෙ නෑ නේ...

"එහෙනම් ඇයි අර ෆොටෝ එක...."
"ඒක නම් කියන්න බෑ.... එහෙනම් මුතූ ගේ යාලුවෙක් එක්ක චමිත් යාලු වෙන්න ඇති..."
"අනේ මන්ද අනේ..."

මේවා හිතන්න ගියොත් පිස්සු හැදෙනවා... මාර ප්‍රහේලිකාවක් නේ...

"ඉමායා ගැන මොකුත් හොයා ගත්තේ නැද්ද...."
"මම හොයා ගත්තා... චමිත් බලන්න ගියාට ඉමායයි නවෝදුයි ෆේස්බුක් එකේ යාලුවෝ නෙමෙයි..."
"ඒක නම් පොඩ්ඩක් වෙන්න අමාරුයි නේද..."
"එත් ඉමායට profile 2ක් තියනවා නේ... එකක විතරයි නවෝද් නැත්තේ..."

"මොකක්ද අනේ මේ කතාව profile දෙකේ... මට පැටලෙනවා...."

"මේ බලන්න මේ එකක්....! මේ තමයි නුවර ඉන්න ඇත්ත ඉමායා.... "

                                                                          ඉමායා 01

"මේක ඇත්ත එකක් වගේ නේ... මේ ඇත්ත photo එකක් නේ තියෙන්නේ... මේක තමයි මට චමිත් පෙන්නුවේ එයාගේ ඉමායගේ එක කියලා... මේක හදල තියෙන්නේ එයාගේ අයියා ලු..  මේකේ friend list එක පේනවා නේ.....  මේකේ ගොඩක් ඉන්නවා එයාගේ ඉස්කෝලේ කට්ටිය.. "

                                                                             ඉමායා 02

"මේ අනිත් එක... මේකෙන් තමයි චමිත් ගේ profile එකේ comment එහෙම තියෙන්නේ..... මේක හැදුවේ චමිත් ලු... අර මම එදා කිව්වේ විස්තරේ....  මතකයි නේ..."


"මේ ඉන්නේ අර නවෝද්... මම කිව්වේ මෙයයි අර ඉමායගේ ඇත්ත profile එකයි එෆ්.බි. යාලුවෝ නෙමෙයි....  අනික කොහොමද දන්නේ නෑ.. එකේ මොකුත් පෙන්නේ නෑ... "


"හ්ම්ම්... මාර පටලැවිල්ලක් තමයි.... දැන් මොකද කරන්නේ...."
"ඉමායා 01 profile එකට මට mutual friends ලා 70 ක් විතර ඉන්නව දැන් මගේ ෆේක් එකේ... නවෝද් ට 100 ට වැඩි..."
"මොකක්.. ඔයා හැදුවද.... mutual friends ලා...?? "
"ඔව් ඔව්..."
"එහෙනම් දැන් රික්වෙස්ට් එකක් දාලා බලන්න... ගොඩක් වෙලාවට accept කරයි..."
"ඔව් ඔව් බලමුකෝ... "

                                                                                    ***

අනිත් අයට රික්වෙස්ට් දාද්දි මම චමිත්ටත් දැම්මා.... එයා මගේ ෆේක් එක add කළා mutual friends ලා නැතුව....  හරි ෂෝක් නේ....

"හායි.."
"හායි..."
"ඔයා මාව දන්නවද..."
"නෑ ඔයා දන්නවද..."
"හ්ම්ම් නෑ..."
"හ්ම්ම් so ඔයා මොකද කරන්නේ..."
"මම ස්ලිට්..."
"අහ්හ්... මගේ Xbf ස්ලිට්.... 4ත් ඉයර්.... "                  

චමිත් එක්ක ෆේක් එකෙන් චැට් එකක් පටන් අරන් මේක කිව්වේ මම ලු ඉතිං... 

"මොකක්ද නම...."
"ඒක කියන්න බෑ නේ...."
"හ්ම්ම්....  ඕකේ..."
"එතකොට ඔයාගේ ගර්ල්..."
"එයා කැන්ඩි...."
"අහ්හ් කැන්ඩි ස්ලිට් ද...."
"නෑ IBM...." 
"අහ්හ් කොච්චර කල් ද යාලු වෙලා... මගේ කලින් එක නම් අවුරුදු දෙකයි.... "
" මගේ එක අවුරුදු 6ක්..."

හ්ම්ම් එතකොට ඉමායා අයි.බී.එම්...  චමිත් මේ ෆේක් එකටත් ඉමායා ගැන කිව්වේ මට කිව්ව දේවල්මයිනේ...   අපරාදේ ද මන්ද මම විස්තර ඇහුවේ... wow කියල මම චැට් එක ඉවර කරලා දැම්මා...



ප. ලි. -  14 ලියන්න මෙච්චර දවසක් පරක්කු උනේ මට එක්සැම් තිබ්බ නිසා....  (නෑ නෑ  ඒ අතරෙ මලිති ට කපුකමක් කර කර හිටිය නිසා... මලිති ට හා  'D'  ට සුබ මංගලම් කියල අනුපමා සුභ පතනවා....  :ඩි )